22nd July 2021 12:42:04 Hours
මිහිදු මහ රහතන් වහන්සේ විසින් ලංකාදීපයට බුදු දහම රුගෙන වැඩවීම සිහිපත් කරවමින් ඉතා අලංකාරවත් නිර්මාන සහ ආලෝක පුජාවන්ගෙන් යුතුව පොසොන් පොහොය සැමරිම 66 වන පාබල සේනාංකයේ සේනිංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායක ගේ මඟපෙන්වීම මත ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් ඉදිකරන ලද පහන් කූඩු සදහා ත්‍යාග ලබා දීමද සිදු කරන ලදි.
පොසොන් උත්සව අවස්ථාව සදහා ආරක්ෂක සේනා ආඥාපති කිළිනොචිචි මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු අතර හොදම නිර්මාණ අතරින් ප්‍රථම ස්ථානය 11 (සෙව්) ගජබා රෙජිමේන්තුව නිර්මානයද, දෙවන ස්ථානය සහ තුන්වන ස්ථානය පිළිවලින් 20 ශ්‍රි ලංකා පාබල හමුදාවට සහ 20 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවට හිමිවිය. මෙම පොසොන් උත්සවයේදි කොත්තමල්ලි දන්සැලක් ද සංවිධානය කල අතර මෙහි සියලු කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කරන ලදි.