Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th January 2019 21:39:06 Hours

66 වන සේනාංක බළප්‍රදේශයේ ගංවතුරින් අවතැන් වු දරු දැරියන් වෙත පාසල් උපකරණ බෙදා දිම.

66 වන සේනාංකයට අයත් වන්නරිකුලම්, කිරන්චි, උර්තිරපුරම්, ශිවනගර් සහ පුදුමුරිප්පු යන ප්‍රදේශයන්හි පසු ගිය දිනයන්හිදි ඇතිවු ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ පාසැල් සිසුන් 112 සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දුන් අතර, මෙම පරිත්‍යාග වැඩසටහන අනුග්‍රහකත්වය සුරේෂ් ස්කන්ධරාජා මහතා සහ කුරුණෑගල වෙළඳ සංවිධානයේ පියල් කැප්පෙටිවලාන මහතුන් විසින් රුපියල් 300000.00 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය පාසල් උපකරණ පැකට් 112 ක් බෙදා දී ලදි.

ශිවනගර් රජයේ දමිල මිශ්‍ර පාසලෙහි පාසලේ විදුහල්පති සහ කාර්ය මණ්ඩලය හා දෙමාපියන්ගේ ආශිර්වාදයෙන් මෙම පරිත්‍යාග වැඩසටහන 2019.01.06 වන දින සිදුවු අතර, 662 වන බලසේනාවේ අධීක්ෂණය යටතේ 20 වන ලංකා පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සංවිධානය කරන ලදී.66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දිප්ති ජයතිලක ප්‍රධාන ආරධීත අමුත්තා වශයෙන් සහභාගි වු අතර, ජ්‍යෙෂඨ නිලධාරින්/නිලධාරින් සහ සුරේෂ් ස්කන්ධරාජා, කුරුණෑගල වෙළෙඳ සංවිධානයේ සාමාජිකයන් සහභාගී වූහ.

මෙම වැඩසටහන මගින් ඔවුන්ගේ අපේක්‍ෂිත ඉලක්කයන් සපුරාලීම හා අපේ ජාතියේ වගකිව යුතු පුරවැසියන් බවට පත්වීම සඳහා ඔවුන්ට ලබා දී ඇති අවස්ථා පූර්ණ වශයෙන් භාවිතා කිරීමට දරුවන් දිරිමත් කල අතර, 66 වන සේනාංකයේ සේනංකාධිපති දරුවන්ගේ සුභසාධනය හා අධ්‍යාපනය සඳහා පමුඛතාවයක් ලබා දෙයි.

මෙම උත්සවයට සහභාගී වූ සියලුම අයවළුන්හට ආහාර පාන ලබා දුන් අතර, එම අවස්ථාවෙදි පාසල් විදුහල්පති, ගුරුවරුන්, දෙමව්පියන් සහ ළමුන් කෘතඥතාව පළ කරන ලදි.