Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:24:07 Hours

66 වන සේනාංකය විසින් සුනඛ සංදර්ශණයක් සහ සංගිත ප්‍රසංගයක් පැවැත්විම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ මගපෙන්විම මත 66 වන පාබල සේනාංකය විසින් 2019 ජුනි මස 21 වන දින පූනරින් බලකොටුවේදි සුනඛ සංදර්ශණයක් සහ සංගිත ප්‍රසංගයක් පැවැත්වීය.

66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් එම් ඩි විජේසුන්දර ආර්එස්පි ගේ ආරාධනය මත ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුම යුඑස්පි සහභාගි වු අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්ද මෙම අවස්ථාවට සහභාගි වන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ කේ 9 ඒකකය විසින් සුනඛ සංදර්ශණයක් පැවැත් වු අතර, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ (ශක්ති සුපර්ස්ටාර්) සංගීත කණ්ඩායම සමග එක්ව දේශිය ගායක ගායිකාවන් විසින් ගිත ගයාන කරන ලදි. ඒ සදහා සප්තාරංග නර්තන කණ්ඩායම විසින් නර්තනයෙන් සංගිත සැදැව වර්ණවත් කරන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කර ඇති මෙම අවස්ථාවට පුනරින් ප්‍රදේශයේ සිවිල් වැසියන් 1000ක් පමණ සහභාගි වන ලදි. තවද මෙම වැඩසටහන කාලයකට පසු සිවිල් ප්‍රජාව සඳහා විනෝදාස්වාදය සදහා හොද අවස්ථාවක් වු අතර, පැමිණි සිටි ජනතාව ශ්‍රි ලංකා යුද හමුදාව වෙත ප්‍රසංසා පලකරන ලදි.