19th February 2019 12:46:55 Hours
කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහලේ ලේ බැංකුවේ ඉල්ලිමකට අනුව 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දරගේ අධික්ෂණයෙන් 66 වන සේනාංකයේ රාජකාරි නියුතු භට පිරිස් විසින් ලේ දන්දිමේ වැඩසටහනක් 2019 පෙබරවාරි මස 15 වන දින සිදුකරන ලදි.
කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය එච් එම් ඩි ආර් බි හිදගොඩ මහතා සහ එහි කාරය මණ්ඩලය විසින් ලේ දන්දිමේ වැඩසටහන සිදු කල අතර, කිලිනොච්චියේ රෝගීන් සදහා රුධිරය පරිත්‍යාග කිරීමට හමුදා භට පිරිස් 70 දෙනෙකුට වැඩි පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගිවන ලදි.