19th January 2019 12:30:26 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 66 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් එම් ඩි විජේසුන්දර ආර්එස්පි 2019.01.18 වන දින 7 වන බළසේනාධිපති වශයෙන් රාජකාරි භාරගන්නා ලදි.
නව සේනාංකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර පෙළපාලියක් පිරිනමන ලදි.
සේනාංකාධිපතිතුමන් කාර්යාල පරිශ්‍රයේදි ආගමික වතාවත් මධ්‍යයේ ලිපි ලේඛණ වලට අත්සන් තබමින් සිය කාර්යාලයේදි නිළ වශයෙන් නව ධුරයේ රාජකාරි භාරගත් අතර, එම ධුරයේ රාජකාරි ආරම්භ කිරිම සනිටුහන් කිරිම සඳහා කාර්යාල පරිශ්‍රයේදි අඹ පැළයක් රෝපණය කිරිමෙන් පසුව සියළු නිලයන් සදහා තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදි.
එම අවස්ථාව සඳහා 66 වන සේනාංකය යටතේ රාජකාරි නියුතු බළසේනාධිපතිවරුන්, මාණ්ඩළික නිළධාරින්, ඒකක අණදෙන නිළධාරින් සහ නිළධාරින්/ සෙසු නිළයන් සහභාගිවන ලදි.