Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th January 2020 08:35:04 Hours

65වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරී අරඹයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩි එම් එචි ඩි බංඩාර අර්ඩබ්ලිව්පි අර්එස්පි යුඑස්පි 2020 ජනවාරි මස 18 වන දින සිය ධුරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

65 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ප්‍රධාන දොරටුව අභියසදී පිරිනමන ලදී. ඉන් අනතුරුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක්ද පිරිනමන ලදි.

නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩි එම් එචි ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් බලප්‍රදේශයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතූ අතර 65 වන සේනාංක ශ්‍රවනාගාරයේ පැවැති එම අවස්ථාව සඳහා එම සේනාංක යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි භටපිරිස් සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපති වරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූ අතර, එහිදී පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකින් රාජකාරී භාරගැනීමේ උත්සවය නිමාවට පත්විය.

2020 ජනවාරි 20 වන දින 65 වන සේනාංකයේ නවතමයෙන් රාජකාරි ආරම්භ කල සේනංකාධීපති කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී ඒන්ඩිසි පීඑස්සී බැහැදැකිමට පැමිණි අතර, ඒහිදි සුභ පැතුම් ඒක් කරන ලදි.