Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st August 2018 15:24:05 Hours

653 වන බළසේනාවේ භඨ පිරිස් විසින් පාලිනගර් පාසැල් භුමිය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පැවැත්විම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුමගේ මඟපෙන්වීම මත 653 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් රොබින් ජයසුරියගේ අධික්ෂගණය යටතේ පාලිනගර් ප්‍රාථමික විද්‍යලය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2018 අගෝස්තු මස 25 වන පවත්වන ලදි.

මේ සදහා 10 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් 01 X 50 දෙනෙකුගේ ශ්‍රමදායකත්වය ඇතිව පාලිනගර් පාසල් භුමි පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.