Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th February 2020 20:12:29 Hours

652 වන බළසේනා බළප්‍රදේශයෙහි හින්දු කෝවිල් භූමි තුල කොහොඔ පැල සිටුවයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩි එම් එචි ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ගේ ප්‍රධානත්වයෙන් 652 වන බළසේනා ප්‍රදේශයෙහි හින්දු කෝවිල් භූමි තුල කොහොඔ පැල සිටුවීමේ වැඩසටහනක් 2020 ජනවාරි මස 27 දින ආරම්භ කරන ලදී. එහි දෙවන අධියර ලෙස 20 වන විජයබාහු පාබල රෙජිමේන්තු බළ ප්‍රදේශයේ හින්දු කෝවිල් 14 තුල කොහොඔ පැල 100 කට අධික සංඛ්‍යවක් 2020 පෙබරවාරි මස 03 වන දින සිටුවන ලදී.

මෙහි ප්‍රධාන වැඩසටහන ස්කන්දපුරම් අම්මාන් කෝවිලේ දී 652 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව් එල් ඒ සි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි, 652 වන බලසේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 7 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නිලධාරින්, සෙසුනිලයින් සහ ස්කන්දපුරම් අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක ඇතුළු බැතිමතුන් රැසක් සහභාගී වූහ.