Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th August 2020 00:06:04 Hours

652 වන බලසේනාව විසින් කොඩිඩෙකඩ්ඩියාර්කුලම් ඇල මාර්ගය පිරිසිදු කරනු ලබයි

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 652 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී අධීක්‍ෂණය යටතේ 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් ගම්වාසීන් සමග සහයෝගයෙන් කොඩ්ඩෙකඩ්ඩියාර්කුලම් ඇල මාර්ගය කිලෝමීටර් 2.2 ක් පමණ පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2020 අගෝසතු මස 23 වන දින පවත්වන ලදී. මෙමගින් එම ප්‍රදෙශයේ ජනතාවගේ ඉඩම් අක්කර 256 වගාකිරීමට හැකියාව ඇති බව ජනතාව පවසයි.

මෙම ශ්‍රමදාන වැඩසටහන සදහා යුධ හමුදා සෙබළුන් ඇතුළුව සිවිල් වැසියන් 60කට අධික පිරිසක් සහභාගී වූහ.