Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th October 2020 11:48:52 Hours

652 පාබල බළසේනා මුලස්ථානය විසින් ආපදා කළමනාකරණය සහ අවම කිරිම පිලිබද වැඩමුළුවක් පවත්වයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ එන්ඩිසි අයිජි සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධික්‍ෂනය යටතේ ආපදා කළමනාකරණය හා අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2020 සැප්තැම්බර් 29 වන දින 652 පාබල සේනාංකය විසින් පවත්වන ලදී. ආපදා කළමනාකරණය හා අවම කිරීම පිළිබඳ භඨපිරිස් දැනුවත් කිරිම සහ විශේෂයෙන් කිළිනොචිචි දිස්ත්‍රික්කයේ අනෙකුත් රජයේ දේපාර්තමේන්තු හා ආයතන සමග සම්බන්ධව හදිසි අවස්ථාවක ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිලිබද දැනුවත් කිරිමෙ අරමුණින් මෙම වැඩසටහන පවත්වන ලදි.

කිළිනොචිචි අපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්ය අධ්‍යක්‍ෂක එස් කෝකුලරාජ් මහතා, අපදා කළමනාකරණ ඒකකයේ සහකාර නිළධාරි අකිල ජයසිංහ මහතා, දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරැ තසියාන්තන් මහතා, විසින් දැනුවත් කිරිමේ දේශන පවත්වන ලදි. මෙම වැඩසටහන සදහා 652 පාබල බළසේනාංකයේ බළසේනාධිපති බ්‍රිගඩියර් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ඇතුලු නිළධාරින් 30 ක් සහ සෙසුනිළයින් 215 ක් සහභාගිවිය.