Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th September 2020 14:49:43 Hours

652 පාබල බලසේනාව විසින් ආනවිලන්දන්කුලම් පෙර පාසල ප්‍රතිසංස්කරණය කරයි

65 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් වලට අනුව 652 පාබල බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ආනවිලන්දන්කුලම් පෙර පාසල ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව 2020 සැප්තැම්බර් මස 05 වන දින පවත්වන ලදී.

ශාන්ත පිලිප් පෙර පාසල ආනවිලන්දන්කුලම් ගම්මානයේ ප්‍රධාන පෙර පාසලක් වන අතර, එය සිසුන් 38 දෙනෙකු ඉගෙනුම ලබයි. මෙම ප්‍රතිසංකරණ වැඩසටහන සදහා පෙර පාසල් සිසුන්ගේ දෙමාපියන් 20 කට වඩා වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර, මේ සදහා යුධ හමුදා දායකත්වය ගම්වාසීන් විසින් බෙහෙවින් අගය කරන ලදී.