Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd June 2019 09:21:27 Hours

651 වන බලසේනාවේ භට පිරිස්ගේ සංවිධානයෙන් පොසොන් පොහොය නිමිතිකර ගනිමින් දන්සලක් පවත්වයි

2019 පොසොන් පොයා දිනය සැමරීමේ අදහසින් 651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 651 වන බලසේනාවේ භට පිරිස්ගේ සහයොගයෙන් එම මූලස්ථාන ප්‍රධාන දොරටුව ඉදිරිපිට කොමඩු යුෂ දන්සලක් සංවිධානය කරන ලදි. මෙම වැඩසටහන 2019 ජුනි මස 16 වන දින පැය 1030 පැයේ සිට 1145 පැය දක්වා පවත්වා ඇත. මේ සදහා බලසේනා මුලස්ථානයේ නිලධාරින් සහ සෙසු නිලයින් විසින් යාපනයේ සිට මන්නාරම (A32) ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 880 ක් පමණ දෙනෙකුට මෙම පානය බෙදා දෙන ලදි.