Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:50:39 Hours

651 වන බලසේනාවේ භටපිරිස් පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (25) දින මුලන්කාවිල් ප්‍රදේශයේ ‘දොන් බොස්කෝ’ පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලද මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 16 දෙනෙකු සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් කිහිපදෙනෙකු ද සහභාගි වූ අතර 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රජා ව්‍යාපෘතින්ට අනුකූලව දියත් කරන ලදී.