Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:46:40 Hours

651 වන බලසේනාවේ භටපිරිස් ග්‍රාම නිලධාරීන් සමඟ සුහද හමුවක

651 බලසේනාව යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව සමඟ එක්ව එම බලප්රදේශයේ සේවය කරන සියලුම ග්‍රාම නිලධාරීන්ගේ (ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන්) සුහදත්වය හා අවබෝධය මෙන්ම විශ්වාසය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් ඉරිදා (23) දින උදෑසන 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරී නිවස්නයේ පැවැති සුහද වැඩමුළුක් සඳහා ආරාධනා කරන ලදී.

651 වන බලසේනාවේ බලසේනාධිපති, අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන් සහ 651 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අන්තර් ක්‍රියාකාරි හමුව සඳහා නිලධාරීනියන් දෙදෙනෙකු ඇතුළු ග්‍රාම නිලධාරීන් 8 දෙනෙකු සහභාගී වූහ. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි.වි රවිප්‍රිය ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මෙම සුහද හමුවන් අනෙකුත් ප්‍රදේශවල ද පැවැත්විණි.