Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st July 2019 21:21:39 Hours

65 වන සේනාංකයේ සෙබළුන් විසින් සමාජ සත්කාර වැඩසටහනක් පවත්වයි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පෙරුම යුඑස්පි ගේ මග පෙන්විම යටතේ 651, 652 සහ 653 වන බලසේනාවන්හි බළසේනාධීපතිතුමන්ලාගේ අධීක්‍ෂණය යටතේ 19 වන පාබල රෙජිමේන්තුව, 17 වන පාබල රෙජිමේන්තුව, 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භඨ පිරිස් විසින් 2019 ජුලි 12,13 සහ 15 වන දින තේරන්කන්දාල් පෙර පාසල පිරිසිදු කිරීම, තේවන්පිඩ්ඩි රජයේ දමිල මිශ්‍ර පාසල පිරිසිදු කිරීම, සේවාගම පෙර පාසල පිරිසිදු කිරීම, මාවි පෙර පාසල පිරිසිදු කිරීම, කෝඩ්ඩිකඩ්ඩියාර්කුලම් සිවාම් කෝවිල පිරිසිදු කිරීම සහ අක්කරායම්කුලම් දේව සභාව අවට පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන මෙහෙයුමක් සංවිධානය කළේය. මෙම ශ්‍රමදාන වැඩසටහන යුද්ධ හමුදා සෙබළුන් 79 දෙනෙකු සහ සිවිල් වැසියන් 59 දෙනෙකු සහභාගීත්වයෙන් පැවැත්විය.