Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th June 2019 22:27:54 Hours

65 වන සේනාංකයේ සෙබළුන් විසින් ආලන්කුලම් දිලිදු පාසල් දැරියක් සදහා මුදල් පරිත්‍යාග කරයි

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන්ගේ සුභසාධනය සඳහා හමුදාවේ සහය නිරතුරුවම ලබා දෙන අතර, මේ වතාවේ හෘද රෝගයකින් පෙළෙන මල්ලවි ප්‍රදේශයේ වෙසෙන දුප්පත් තරුණියක් තෝරාගෙන තිබේ.

65 වන සේනාංක බලප්‍රදේශයට අයත් මල්ලාවි මහා විද්‍යාලයේ ඉගනුම ලබන ඒම් තේනුජා යන ශිෂයාගේ වයස අවුරුදු 14කි. ඇය හෘදයාබාධයකින් පෙළෙන අතර, 2019 ජුනි මස 11 වන දින බොරෙල්ල රෝහලේදී සැත්කමක් සිදු කර ඇත. මෙම ගැහැණු දරුවාගේ දෙමාපියන්ගේ ඉල්ලිම පරිදි 65 වන සේනාංකයේ සේනංකාධිපති, එහි කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශිය ලේකම් ආලන්කුලම් සමග එක්ව ශිෂ්‍යයාගේ ඉදිරි ශල්‍යකර්ම සඳහා රුපියල් 10000.00 (දසදහසක්) පරිත්‍යාග කරන ලදි.