Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:27:15 Hours

65 වන සේනාංකයේ සංවිධානයෙන් සුනඛ සංදර්ශණයක් මල්ලාවි මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනයේදි පැවැත්විම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ සංකල්පයකට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පෙරුම යුඑස්පි ගේ අධික්‍ෂණයෙන්, 653 වන බලසේනා මුලස්ථානය යටතේ ඇති 10 වන පාබල හමුදාව සහ 17 වන පාබල හමුදාවේ භට පිරිස්ගේ සංවිධානයෙන් 2019 ජුනි මස 22 වන දින 0930 පැයේ සිට 1030 පැය දක්වා සුනඛ සංදර්ශනයක් මල්ලාවි මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගනයේදි පවත්වන ලදි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ කේ 9 ඒකකයේ සුනඛයින් 13 දෙනෙකු විසින් මෙම සුනඛ සංදර්ශණයක්ද පැවැත්වු අතර, එය නැරඹිම සදහා පාසල් ළමුන් ඇතුළු 1500 කට ආසන්න පිරිසක් පැමිණියහ. නැරඹිමට පැමිණි පිරිස හමුදාවට කෘත්‍යතාවය පළ කළ අතර එය ඔවුන්ට දුර්ලභ අවස්ථාවක් විය.