Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th April 2018 17:05:20 Hours

65 වන සේනාංකයේ සංවිධානයෙන් අත්පන්දු තරගාවලියක්

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 65 වන සේනාංකය විසින් සංවිධාන කරනු ලැබු අත් පන්දු තරගාවලිය 653 බළසේනාධිපතිගේ අධික්ෂණය මත 2018.04.08 වන දින තුනුක්කායි ආන්දම් කුලම් ක්‍රිඩාංගනයේදි පවත්වන ලදි.

අත් පන්දු තරගාවලිය සඳහා යුද්ධ හමුදාව සහ සිවිල් ප්‍රාදේශිය කණ්ඩායම්හි සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වු අතර, යුද්ධ හමුදා කණ්ඩායම් 12 අතරින්, අවසන් මහා තරගාවලිය සඳහා 15 වන (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම සහ 11 වන (සෙව්) ගජබා රෙජිමේන්තු කණ්ඩායම් දෙක සුදුසුකම් ලැබු අතර, එම කණ්ඩායම් දෙක අතර පැවති අවසන් මහා තරගයෙන් 11 වන (සෙව්) ගජබා කණ්ඩායම ශූරතාවය හිමිකර ගන්නා ලදි.

මෙහිදි සිවිල් කණ්ඩායම් ලෙස ලකි ස්ටාර් ක්‍රිඩා සමාජය, ස්කයි ලැබ් ක්‍රිඩා සමාජය, පාලිනර් විද්යාලයේ සහ මල්ලාවි මධ්‍ය මහා විද්යා‍ලයේ පාසල් කණ්ඩායම් සහභාගිවු අතර, මෙම සිවිල් ක්‍රිඩා සමාජ කණ්ඩායම් සහ පාසල් කණ්ඩායම් වෙන වෙනම තරග වැදුනු අතර, ලකි ස්ටිර් ක්‍රිඩා සමාජය සහ පාලිනගර් පාසල් කණ්ඩායම ශුරතාවයන් හිමිකර ගන්නා ලදි.

යුද්ධ හමුදා කණ්ඩායම් අතර හොදම ප්‍රහාරකයාට හිමි සම්මානය 11(සෙව්) ගජබා කණ්ඩායමේ ලාන්ස් කෝප්‍රල් කේ ජයසිංහ හිමිකරගත් අතර,සිවිල් ක්‍රිඩා සමාජ අතරින් හොදම ප්‍රහාරකයාට හිමි සම්මානය ලකි ස්ටාර් ක්‍රිඩා සමාජයේ එම් ආර් රූන් හිමිකරගත් අතර, පාසල් කණ්ඩායම් අතරින් මල්ලාවි පාසල් කණ්ඩායමේ එම්එම්වි අරිවිලන් හොදම ප්‍රහාරකයාට හිමි සම්මානය හිමිකර ගන්නා ලදි.

එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 65 වන සේනාංක‍යේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් සහභාගිවු අතර, 65 වන සේනාංකය යටතේ රාජකාරි නියුතු 651, 653 බළසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිළධාරින්, ජ්‍යෂ්ඨ නිළධාරින්, නිධාරින් හා සෙසනිළයින් ඇතුළු සිවිල් ක්‍රිඩා කණ්ඩායම්හි සාමාජිකයින් සහභාගිවන ලදි.