Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd July 2019 12:11:59 Hours

65 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව හදිසි ගින්නක් මැඩපවත්වයි

අක්කරායන්කුලම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් තුළ 2019 ජුනි මස 18 වන දින හදිසියේ ඇතිවු ගින්නක් පිළිබඳ සැලවු වහාම කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිතව ඇති 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුමගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.

651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ එම ස්ථානයට පැමිණි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ගත් උත්සාහයේ ප්‍රථිපලයක් ලෙස පැය කිහිපයක් තුළ දී ගින්න මැඩපැවැත්වීමට හැකියාව ලැබී ඇත. මෙම ගින්න එම ගොඩනැගිල්ලේ විදුලි කාන්දුවක් හේතුවෙන් හටගෙන ඇති බවට සැක පළ කෙරේ. ඉන් අනතුරුව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදුකළ එම කැපකිරිම හා උත්සහය වෙනුවෙන් එම අවස්ථාවෙන් පිඩාවටපත්වු සිවිල් වැසියන් ඔවුන්ගේ කෘතඥතාවය පුදකරන ලදි.