Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st August 2018 20:36:49 Hours

65 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඔයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති ධුරයේ 10 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම 2018.08.15 දින රාජකාරි භාරගනු ලැබිය.

මෙහිදි 65 වන සේනාංක මුලස්ථානය වෙත සපමිණි නව සේනාංකාධිපතිතුමන්ව හමුදා සම්ප්‍රදානුකුලව කදවුරු සම්මාන මුරයක් 19 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් පිරිනමන ලදි.

බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම සිය කාර්යාලයේදි නිල වශයෙන් ලිපි ලේඛණ කිහිපයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.

නව ධුරයේ රාජකාරි භාරගැනිම සංකේතවත් කරමින් නව සේනාංකාධිපති විසින් 65 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර, භඨ පිරිස් ඇමතිමෙන් අනතුරුව දේශණ ශාලාවේ පැවැති සියළු නිළ තේ පැන් සංග්‍රහය සදහා ද සහභාගි විය.

මෙම අවස්ථාව සදහා බළසේනාංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින්, සෙසු නිළයින් සහභාගි වන ලදි.