Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

06th January 2020 16:41:17 Hours

65 වන සේනාංකයේ 11 වන සංවත්සර දිනය සමරයි

65 වන සේනාංකයේ 11 වන සංවත්සර දිනය 65 වන සේනාංකය සිය 11 වන සංවත්සර දිනය 2019 දෙසැම්බර් 26 වන දිනට යෙදී තිබුණි. මෙම සේනාංකය 2008 වසරේදී ස්ථාපනය කරනු ලැබුවේ මානුෂීය මෙහෙයුමට සහය දැක්වීම සඳහා වන අතර පසුව කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ මල්ලාවි ප්‍රදේශයේ පිහිටුවන ලදී.

සංවත්සර දිනය වන 27 වන දින, 65 වන සේනාංකය යටතේ බලඇණි විසින් 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙලපාලියක් ප්‍රදානය කරන ලදී. පසුව, මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුම යුඑස්පි විසින් මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට පැළ රෝපනයක්ද සිදුකරන ලදී.

අනතුරුව 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සියළු නිලයින් සමග තේ පැන් සංග්‍රහයකට සහභාගී විය. පසුව සේනාංකාධිපතිතුමන් භට පිරිස් ඇමතීම සිදු කරන ලදී. තවද 11 වන සංවත්සරය නිමිත්තෙන් සේනාංකයෙහි අංශ සමග වොලිබෝල් සහ ක්‍රිකට් තරගාවලියක් පවත්වන ලදී. එදිනම රාත්‍රියේමහා සංගීත ප්‍රසංගයක්ද පවත්වන ලදී.