Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

31st March 2020 09:19:01 Hours

65 වන සේනාංකය විසින් වියළි සලාක මළු බෙදා දෙයි

දැනට රට පුරා පැතිර යන කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින 65 වන සේනාංක බළප්‍රදේශයට අයත් දුප්පත් පවුල් සදහා වියළි සලාක මළු බෙදා දීමේ වැඩසටහනක් 2020 මාර්තු මස 22 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන 651, 652 සහ 653 වන බළසේනාංකාධිපති වරුන්ගේ අධීක්‍ෂණය යටතේ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 17 වන (ස්වච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව, 20 වන (ස්වච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 07 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළඇණි විසින් සංවිධානය කරන ලදී.