Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th June 2020 12:19:49 Hours

65 වන සේනාංකය විසින් ඩෙංගු රෝගය වැලැක්වීමට පියවර ගනී

65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි ගේ උපදෙස් වලට අනුව ඩෙංගු රෝගය පැතිරීම වැලැක්වීම සදහා වෙල්ලන්කුලම් වෛද්‍ය මධ්‍යස්ථානය පිරිසිදු කිරිමේ ව්‍යපෘතියක් රෝහල් කාර්යය මණ්ඩලය සමග එක්ව 2020 ජුනි මස 11 වන දින පවත්වන ලදී.

ප්‍රදේශයේ ජනතාව ඩෙංගු වෛරසයෙන් ආරක්‍ෂා කිරිම සදහා 651 වන බළසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 11 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම ශ්‍රමදාන වැඩසටහන පවත්වන ලදී.