Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th June 2020 13:31:58 Hours

65 වන සේනාංකය විසින් ජාතික පොසොන් දිනය සමරනු ලබයි

65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි ගේ උපදෙස් වලට අනුව 2020 ජුනි මස 05 වන දින ජාතික පොසොන් දිනය සැමරීම වෙනුවෙන් 65 සේනාංකයේ භඨපිරිස් විසින් “මිහින්තලය” සහ පොසොන් කුඩු නිර්මාණය කර කඳවුර අලංකාර කල අතර, එදින රාත්‍රියේදී 65 වන සේනාංකයේ සෙබළුන්ගේ මානසික ආතතිය දුරුලීම සදහා සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි සුප්‍රසිද්ධ බෞද්ධ චිත්‍රපටයක් වන “පත්තිනි” සිංහල චිත්‍රපටය ප්‍රදර්ශණය කරන ලදි.