Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th February 2020 09:17:40 Hours

65 වන සේනාංකය විසින් 72 වන නිදහස් දිනයට සමගාමීව පොල් පැල ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩි එම් එචි ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ගේ ප්‍රධානත්වයෙන් 2020 පෙබරවාරි මස 04 වන දිනට යෙදී තිබූ 72 වන නිදහස් දිනයට සමගාමීව පොල් පැල වගා කිරිමේ ව්‍යපෘතියක් ආරම්භ කරන ලදී. මෙම පොල් පැල තොගය ලුණුවිල පොල් පර්යේශණ ආයතනය විසින් ලබා දෙන ලදී.

මෙම වැඩසටහන සදහා තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේකම්, මල්ලාවි සහ අයියන්කුලම් පොලිස් ස්ථාන භාර නිලධාරින් මල්ලාවි රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි, පාසල් විදුහල්පතිවරුන් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි සහ ප්‍රදේශයේ වගා නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.