Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th November 2019 22:57:44 Hours

65 වන සේනාංකය දීපවාලී උත්සවය සමරයි.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි වි රවිප්‍රිය ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි එන්ඩියු අයිජි ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් කුමාරප්පේරුම යුඑස්පි ගේ මග පෙන්විම යටතේ දීපවාලි උත්සවයක් 2019 ඔක්තොබර් මස 27 වන දින පවත්වන ලදී.

651 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව් ඒ සි එන් වරකාගොඩ පිඑස්සිගේ අධික්‍ෂණය යටතේ 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් සහ 19 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් සහභාගිත්වයෙන් මෙම උත්සවය මුලංකාවිල් පුල්ලයාර් කෝවිලේදී සහ වෙල්ලන්කුලම් මුත්තුඅම්මාන් කෝවිලේදී සංවිධානය කර තිබුණි.

මේ අතර, 652 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එල්.සී පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් දීපවාලි උත්සව දිනයේ දී ආරෝග්‍යපුරම් අම්මාන් කෝවිලේ දී දානමය වැඩසටහනක් සංවිධානය කළහ. මේ අතර අනවිලන්දන්කුලම් ක්‍රීඩා සමාජය සහ 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව අතර මිත්‍රශීලි ක්‍රිකට් තරඟාවලියක් පැවැත්විණි. මෙම තරඟාවලියට යුද්ධ හමුදා සාමාජිකයින් 1x 30 ක් සහ සිවිල් වැසියන් 20 දෙනෙකු පමණ සහභාගි වූහ.