Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th December 2018 22:50:19 Hours

65 වන සේනාංක බළප්‍රදේශයේ සෙබළුන් විසින් සිදුකරනු ලබන සමාජසත්කාර වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ පාලනය වන 65 වන සේනාංකයේ භට පිරිස් විසින් කල්විලාන් රෝමන් කතෝලික දේවස්ථාන භුමිය සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2018.12.18 වන දින පවත්වන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ උපදෙස් මත 651 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් චමත් වරකාගොඩගේ අධීක්‍ෂණය යටතේ 19 වන පාබල හමුදාවේ භඨ පිරිස් 1 x 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම ශ්‍රමදාන වැඩසටහන සිදුකරන ලදි.