Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th January 2019 14:45:52 Hours

65 වන සේනාංක බළප්‍රදේශයේ සෙබළුන් විසින් සමාජසත්කාර වැඩසටහන් පවත්වනු ලබයි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ පාලනය වන 65 වන සේනාංකයේ භට පිරිස් විසින් තෙරන්කන්ඩාල් දෙමළ මිශ්‍ර පාසල සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක්ද 2019 ජනවාරි මස 03 වන දින පවත්වන ලදි.

මේ සදහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ උපදෙස් මත 653 වන බළසේනාවේ බළසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 21 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදි.