Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd October 2018 21:53:07 Hours

65 වන සේනාංක බළප්‍රදේශයේ භඨ පිරිස් විසින ප්‍රජාසත්කාර වැඩසටහන් සිදුකිරිම

65 වන සේනාංකය බළප්‍රදේශයේ රාජකාරි නියුතු භඨ පිරිස් විසින් සිවිල් ජනතාව සහ යුද්ධ හමුදාව අතර සුහදත්වය වර්ධනය කිරිමේ අරමුණින් වව්නිකුලම් ප්‍රදේශයේ ගොවි ප්‍රජාව සමග එක්ව, වව්නිකුලම් වැවේ ජලය ගමන් ගන්නා ඇල මාර්ග ශුද්ධ පවිත්‍ර කිරිම සහ කල්විලාන් රජයේ දමිළ මිශ්‍ර පාසලේ පාසල් භුමිය සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහන් 2018.09.26 සහ 27 වන දිනයන්හිදි පවත්වන ලදි.

651 බළසේනාව යටතේ රජකාරි නියුතු 19 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කල්විලාන් රජයේ දමිළ මිශ්‍ර පාසලේ පාසල් භුමිය සුද්ධ පවිත්‍ර කරන ලද අතර, වවිනිකුලම් ඇළ මාර්ගය එළිපෙහෙලි කිරිමේ ප්‍රජාසත්කාර වැඩසටහන සඳහා 653 බළසේනාව යටතේ රජකාරි නියුතු 10 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භඨපිරිස් සහ 21 වන ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවෙහි භඨපිරිස් ඇතුළුව යුධ හමුදා සාමාජිකයින් 200ක් පමණ සහ සිවිල් වැසියන්ගේද සහභාගිත්වයෙන් සිදුකරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ පූර්ණ උපදෙස් හා මගපෙන්විම යටතේ සිදුකරන ලද මෙම වැඩසටහන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුමගේ අධික්‍ෂණය මත ශ්‍රමදාන වැඩසටහන් පවත්වන ලදි.