Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd September 2019 15:05:09 Hours

65 ව සේනාංකයේ භඨ පිරිස් විසින් කනේෂපුරම් ප්‍රජා මධ්‍යස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වයි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව් කුමාරප්පෙරුම යූඑස්පීගේ උපදෙස් මත 652 සහ 653 බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ 2019 අගෝස්තු මස 08, 09, 11 වන දිනයහිදී ශ්‍රමදාන වැඩසටහන් මාලවක් පවත්වන ලදී.

652 වන බලසේනාව යටතේ ඇති 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් කන්නකයිපුරම් මෙතෝදිස් පල්ලිය, කාෂි මුන් පල්ලි පෙර පෙර පාසල සහ කෝනාවිල් සෙබස්තියන් පල්ලිය යන ස්ථානයන්හි ශ්‍රමදාන වැඩසටහන් මාලවක් පවත්වන ලදී.

තවද 653 වන බලසේනාව යටතේ ඇති 10 වන පාබල හමුදා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඇන්තනී පල්ලිය සහ පාලිනගර් කුලවරි පුල්ලයාර් කෝවිල සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක් පැවැත්වූ අතර මේ සදහා යුධ හමුදා සෙබලුන් සහ සිවිල් වැසියන් 100 කට වැඩි පිරිසක් සහභාගී වන ලදී.