Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th September 2020 15:10:28 Hours

65 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය දූරයෙන් නික්ම යයි

65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩීඑම්එච්ඩී බංඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිය දුර කාලය නිමාවෙන් පසු නික්ම යාම වෙනුවෙන් තුනුක්කායි හි පිහිටි 65 පාබල සේනාංක මුලස්ථානයේදි සමුගැනිමේ උත්සවයක් 2020 සැප්තැම්බර් 07 වන දින පවත්වන ලදී.

19 වන ශ්‍රි ලංකා පාබල හමුදාවෙ භට පිරිස් විසින් කදවුරු සම්මාන මුරයකින් හා සම්මාන පෙලපාලියකින් සේනාංකාධිපතිතුමන්ට ආචාරය පුදකරන ලදි. මූලස්ථාන පරිශ්‍රයේදී පැමිණි සේනාංකාධිපතිතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බංඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී රැස්ව සිටි භටපිරිස් ඇමතූ අතර, එතුමන්ගේ ධුර කාලය තුළ ලබා දුන් නොමසුරු සහයෝගය සහ කැපකිරිම් පිළිබඳව සියලු සෙබළුන්ට ස්තූතිය පුද කළේය. සමුගැනිමේ උත්සවය අවසන් වූයේ සියලු නිළයින්ගේ සහභාගීත්වයෙන් පැවැති තේ පැන් සංග්‍රහයකින් පසුවය.

මෙම සමුගැනීමේ උත්සවය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 65 පාබල සේනාංකයේ සේවය නියුතු නිලධාරීන්, බළසේනාධිපති වරුන්, ඒකක අණදෙන නිලධාරීන් සහභාගිවිය.