Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th October 2018 08:19:02 Hours

65 වන සේනාංක බළප්‍රදේශය තුල යුද හමුදාව විසින් ප්‍රජාසත්කාර වැඩසටහන් පැවැත්විම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපතිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ අධික්‍ෂණය මත බළප්‍රදේශය තුල 2018.10.08. වන දින ප්‍රජාසත්කාර වැඩසටහන් සිදුකරන ලදි.

65 වන සේනාංකයේ රජකාරි නියුතු භඨපිරිස් විසින් ආලන්කුලම් පෙර පාසල් භූමිය සහ සිත්ති අම්මාන් කෝවිල අවට ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කිරිම, 652 බළසේනාව යටතේ රාජකාරි නියුතු 7 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භඨපිරිස් විසින් අක්කරායන්කුලම් ප්‍රාදේශිය රෝහල හා අවට ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතු සිදුකරන ලදි.