Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

27th February 2019 16:30:26 Hours

65 වන සේනාංක බළප්‍රදේශයේ සෙබළුන් විසින් සිදුකරනු ලබන සමාජසත්කාර වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චිය ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ මගපෙන්විම මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පේරුමගේ අධික්‍ෂණයෙන් 652 සහ 653 වන බළසේනාවේ භට පිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහනක් 2019.02.23 වන දින පවත්වන ලදි.

652 වන බළසේනා මුලස්ථානය යටතේ ඇති 7 වන ජාතික ආරක්‍ෂක බලමුලුවේ භට පිරිස් විසින් පුල්ලයාර් හින්දු කෝවිල සහ 653 වන බළසේනා මුලස්ථානය යටතේ ඇති 10 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වන්නිවිලන්කුලම් පාසල සුද්ද පවිත්‍ර කර අතර, මේ සදහා යුධ හමුදා භට පිරිස් 2x53 දෙනෙකු සහ සිවිල් වැසියන්ද සහභාගි වන ලදි.