Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd January 2019 18:26:13 Hours

65 වන සේනාංක බළප්‍රදේශයේ සෙබළුන් විසින් සමාජසත්කාර වැඩසටහනක් පවත්වනු ලබයි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ පාලනය වන 65 වන සේනාංකයේ භට පිරිස් විසින් පාලියාරු පෙර පාසල් භුමිය සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2019.01.02 වන දින පවත්වන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ උපදෙස් මත 651 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් චමිත් වරකාගොඩගේ අධීක්‍ෂණය යටතේ 19 වන පාබල හමුදාවේ භඨ පිරිස් 1x30 දෙනෙකුගේ සහ සිවිල් වැසියන් 15 සහභාගිත්වයෙන් මෙම ශ්‍රමදාන වැඩසටහන සිදුකරන ලදි.