Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th October 2018 08:09:44 Hours

65 වන සේනාංක බළප්‍රදේශයේ භඨ පිරිස් විසින් ප්‍රජාසත්කාර වැඩසටහන් සිදු කිරිම

යුද්ධ හමුදාව අතර සුහදත්වය වර්ධනය කිරිමේ අරමුණින් යුතුව 65 වන සේනාංකය යටතේ රාජකාරි නියුතු භඨ පිරිස් විසින් සිවිල් ජනතාව සමග එක්ව, අක්කරායකුලම් වැවේ සිට කෝනාවිල් ප්‍රදේශය දක්වා ජලය ගමන් ගන්නා ඇල මාර්ගය කිලෝමීටර් 3.5 දුර ප්‍රමාණයක් ශුද්ධ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2018 ඔක්තෝබර් මස 02 වන දින පවත්වන ලදි.

652 වන බළසේනාංකයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්දගේ අධික්‍ෂණය යටතේ එම බළසේනාංකය යටතේ රජකාරි නියුතු නිළධාරින් 10 දෙනෙකු සහ සෙසු නිළයින් 170 දෙනෙකු මෙම ප්‍රජාසත්කාර වැඩසටන සදහා සහභාගිවු අතර, අක්කරායකුලම් වාරිමාර්ග කාර්යාලයේ නිළධාරින් 06 දෙනෙකු හා ප්‍රදේශයේ ගොවින් 81 දෙනෙකු ඇළ මාර්ගය පිරිසිදු කිරිම පිණිස කිලිනොච්චි යුද හමුදාව සමග එක්ව කටයුතු කරන ලදි. 7 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භඨ පිරිස් විසින් මෙම මහා ශ්‍රමදාන වැඩසටහන සංවිධානය කරනු ලැබිය.

651 වන බළසේනාව යටතේ රජකාරි නියුතු 11 (සෙව්) ගජබා රෙජිමේන්තුව භඨ පිරිස් විසින් මුලංකාවිල් ප්‍රදේශිය රෝහල අවට පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබු අතර,නේවාසික රෝගින් සදහා කැම පාර්සල් ද බෙදාදෙන ලදි.