Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th October 2018 14:00:28 Hours

65 වන සේනාංක බළප්රිදේශය තුල ප්‍රජාසත්කාර වැඩසටහන් පැවැත්වීම

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ උපදෙස් මත 651 බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති රංජිත් අබේසිංහගේ අධික්ෂකණයෙන් ප්‍රසත්කාර වැඩසටහනක් 2018.10. 13 වන දින තේවම්පිඩ්ඩි රෝමානු කතෝලික මිශ්‍ර පාසලේදි පවත්වන ලදි.

ඒ අනුව 651 වන බළසේනාව යටතේ රාජකාරි කරනු ලබන 19 ශ්‍රිලංකා පාබල හමුදාවේ භඨ පිරිස් 1x100 දෙනෙක් සහ සිවිල් ජනතාවගේ සහභාගිත්වෙයන් තේවම්පිඩ්ඩි රෝමානු කතෝලික පාසල් භූමිය වටා ඉදිකර ඇති වැට පිලිසකර කිරිම සහ භුමිය සුද්ධ පවිත්‍ර කරන ලදි.