Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th April 2019 09:11:34 Hours

65 වන සේනාංකය වෙතින් කදවුරු අපද්‍රවය මගින් මුදල් ජනනය කිරිමේ ව්‍යාපෘතියක් හදුන්වා දිම.

ශ්‍රි ලංකාවේ දෛනිකව රාජ්‍ය හා පුද්ගලික ආයතන වෙතින් බැහැර කරනු ලබන විවිධ අපද්‍රවය හේතුවෙන් විශාල පාරිසරික සෞඛ්‍ය හා සමාජික ගැටලු රැසක් උද්ගතව ඇත. මෙමගින් නාගරික ප්‍රදේශයන්හි ජන ජිවිතයට සිදුකරනු ලබන බලපැම් අති විශාල වේ. මෙම තත්වයට යම් විසදුමක් ලබා දිමේ අරමුණ ඇතිව යුද හමුදා කදවුරු තුල එකතුවන සියලුම ඝණ අපද්‍රව්‍යන් විනාශ කිරිමකින් තොරව එක් රැස් කොට එම අපද්‍රව්‍ය මගින් මුදල් ජනනය කිරිමේ ව්‍යාපෘති කිහිපයක් ආරක්‍ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චිය යටතේ ඇති 65 සේනාංකය යටතේ ආරම්භ කර ඇත. ඒ අනුව දැනට 65 සේමු හා යටතේ ඇති බලසේනා, ඒකක හා පුහුණු පාසලේහි එකතුවන ඝණ අපද්‍රවය අතුරින් කාඩ්බෝඩ්, විදුරු බෝතල්, ටින් වර්ග, ප්ලාස්ටික් බෝතල් සහ සියල්ල එක්රැස් කිරිමේ මධ්‍යස්ථානයක් සේනාංක මුලස්ථානයෙහි ස්ථාපිත කර ඇත. එම මධ්‍යස්ථානය මගින් කදවුරු වලින් එක්රැස් කර ලබා දෙනු ලබන පහත සදහන් අපද්‍රව්‍ය කිලෝවක් සදහා දිරිගැන්විමක් ලෙස මෙහි දන්වා ඇති මුදල් ලබා දෙනු ලබයි.

කාඩ්බෝඩ් - රු :10.00

ප්ලාස්ටික් කැබලි - රු :50.00

ප්ලාස්ටික් බෝතල් - රු :10.00

බියර් ශක්ති ජනක පාන බෝතල් - රු :50.00

විවිධ යකඩ ,ටින් වර්ග - රු :06.00

සුදු විදුරු කැබලි බෝතල් - රු :05.00

දුබුරු විදුරු කැබලි බෝතල් - රු :02.00

කොල විදුරු කැබලි බෝතල් - රු :01.00

යෝගට් කෝප්ප - රු :02.00

පසුව මෙම මිලදි ගනු ලබන අපද්‍රවයක් ලාභයක් සහිතව එවා මිලදි ගන්නා ස්ථාන වෙත අලෙවි කොට එම මුදල් සෙබල සුබසාධනය සදහා යොදවනු ලබයි. මීට අමතරව කදවුරු තුල පරිභෝජනයෙන් ඉවතලන පොල් කටු මිලදි ගෙන අගුරු කිරිමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කර ඇත. මේ සදහා ලබාදෙනු ලබන පොල් කටු කිලෝවක් - රු : 08.00 බැගින් මිලදි ගනු ලබයි. අනතුරුව මෙමගින් නිෂ්පාදනය කරනු ලබන අගුරු කිලොවකින් රු 62 ¬¬- 65 අතර ආදායමක් උපයනු ලබයි. මෙම ව්‍යාපෘතිය සදහා ඉදිරියේදි කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත ආසේමු බළප්‍රදේශයේ ස්ථාපිත සියලුම යුහ කදවුරුද සම්බන්ධකර ගැනිමට සැලසුම් කර ඇත.

එසේම මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ඉදිරියේදි ප්‍රදේශයේ පවතින පාසැල්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙතින්ද මිලදි ගෙන ඔවුන්ට අමතර ආදායමක් ලබා දෙමින් හිතකාමි පරිසරයක් නිර්මාණය කිරිමට කටයුතු කරන බව 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පේරුම විසින් ප්‍රකාශකර සිටි.

මෙම සියලු ව්‍යාපෘති 65 වන සේනාංකයේ කර්නල් පාලන/ භකාස නිලධාරි කර්නල් නලින්ද ආරියසේනගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලදි.