Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd April 2020 13:42:52 Hours

65 වන සේනාංකයේ භට පිරිස් වෙතින් අඩු ආදයම්ලාභි පවුල් සදහා වියලි සලාක මළු සහ එළවළු ලබා දිම

65 වන සේනාංකයේ භට පිරිස් විසින් තුනුක්කයි සහ උයිලන්කුලම් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 25 කට වියළි සලාක මළු සහ නැවුම් එළවළු 2020 මාර්තු මස 31 වනදින බෙදා දෙන ලදී. කොවිඩ් -19 වෛරසය පැතිරීම වැලැක්වීම සදහා දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අපහසු දෛනික වැටුප් ලබන පවුල් 25ක් සඳහා මෙම වියළි සලාක මළු සහ නැවුම් එළවළු බෙදා ලදී.

මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එච් එම් ජේ කේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් ඩිඑම්එච්ඩි බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි ගේ මෙහෙයවීම මත සිදු කරන ලදි.