Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

26th January 2019 16:50:05 Hours

65 වන සේනාංකයේ භට පිරිස් විසින් කිලිනොච්චියේ ඉරණමාතානගර් සිවිල් වැසියකු සඳහා නව නිවසක් ඉදිකර දිම

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ සංකල්පයකට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුමගේ උපදෙස් මත 651 වන බලසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ තලගල ශ්‍රි සිද්ධාර්ථ පදනමේ මුල්‍ය ආධාරයෙන් 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉරණමාතානාගර් ග්‍රාම නිලධාරි වසමේ අඩුආදායම්ලාභී පවුලකට නව නිවසක් ඉදිකර දෙන ලදී.

මෙම නිවස කගායම් ජෙගදාස් මහතා වෙත 2019 ජනවාරි මස 22 වන දින ප:ව 0600ට යෙදුණු සුභ මෙහොතින් 65 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් නිවසේ හිමිකරු වෙත භාරදුන් අතර, අදාල නිවස සදහා අවශ්‍ය වර්ණ රූපවාහිනි, කැසට් රෙකෝඩර්, විදුලි ස්ත්‍රික්ක, ඇතිලු විදුලි උපකරණ හා ප්ලාස්ටික් පුටු සහ මේස ඇතුලු ගෘහ භාණ්ඩ ද ප්‍රධානය කරන ලදි. තවද මෙම අවස්ථාව සදහා 651 බළසේනාධිපති, 19 වන ශ්‍රි ලංකා පාබල රෙජිමේන්තුවේ සහ 11 වන (සෙව්) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින්, පුනරින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම් ආර් කිරිජා මහත්මිය, ප්‍රදේශ සහකාර ග්‍රාම නිලධාරි ආර් සුන්දර බාලන් මහතා, ප්‍රාදේශිය සංවර්ධන නිලධාරි පි සදිස් මහතා, සමෘද්ධි සංවර්ධන නිලධාරි කේ සිංදුජා මහත්මිය, ඉරණමාතානගර් ග්‍රාම නිලධාරි ඒ එම් පාතිමා මහත්මිය යන සිවිල් රාජ්‍ය නිලධාරින් සහභාගි වන ලදි.