Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

21st January 2020 17:42:15 Hours

574 වන බලසේනවේ සංවිධානයෙන් දොන් බොස්කෝ ළමා නිවාසයේ ළමුන් සඳහා දිවා ආහාරය සපයයි

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි ගේ මගපෙන්විම මත 574 වන බලසේනාවේ භට පිරිස්ගේ සහයෝගයෙන් මාන්කුලම් දොන් බොස්කෝ ළමා නිවාසයේ ළමුන් සඳහා දිවා ආහාර වේලක් 2020 ජනවාරි 11 වන දින ලබා දෙන ලදි. නේවාසික දරුවන් 55 දෙනෙකු සඳහා දිවා ආහාරය පිළියෙල කරන ලදී. මෙම අවස්ථාව සදහා 574 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති, සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, නිලධාරින් සහ සෙසු නිලයන් විසින් දිවා ආහාරය පිරිනමන ලදි.