29th October 2019 12:09:59 Hours
57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් බි පි එස් ද සිල්වා ආර්එස්පි ගේ මගපෙන්විම මත 573 වන බලසේනාවේ සෙබළුන් විසින් ඉරාණමඩු ජලාශයෙන් ජල රැගෙන යන කනගරායන් ඇල මාර්ගය 2019 ඔක්තෝබර් මස 21 වන දින 0900 පැයේ සිට 1630 පැය දක්වා සුද්ධ පවිත්‍ර කරන ලදි. මෝසම් සමයේදී කනගරායන් ඇල පිටාර ගැලීම නිසා සිදුවිය හැකි හානිය අවම කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සදහා ගම්වාසීන්, කිලිනොච්චි වාරිමාර්ග කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ සහ ඔහුගේ කාර්ය මණ්ඩලය සහ කන්දවාලි ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ සේවා යෝජකයින් සහ සෙබළුන් 40 දෙනෙකු ද සහභාගී වූහ.