Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th January 2019 08:32:33 Hours

572 වන බළසේනාවේ භට පිරිස් විසින් දිලිදු පවුලක් වෙත නව නිවසක් ඉදිකර දෙයි.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 57 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණයෙන් 572 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් සහ සිද්ධාර්ථ පදනමේ මුල්‍යමය අනුග්‍රහය ඇතිව දිළිදු පවුලක් වෙත නව නිවසක් ඉදිකර 2019.01.10 වන දින භාරදෙන ලදි.

විශ්වමඩු ප්‍රදේශයේ මාණික්කපුරම් ග්‍රාමසේවා වසමේ ජිවත් වන වයස අවු: 17 වන ජෙදිපන් නිලවර්ෂි මෙනවියගේ මාපියන් නොමැතිව තම ආච්චි අම්මා සමගින් තාවකාලික පැල්පතක්මෙන් නිවසක ජිවත්ව ඇති අතර, 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි විසින් මෙම දිළිදු පවුල පිළිබඳව 572 බළසේනාධිපති වෙත දැනුම්දීමෙන් පසුව මෙම නිවසේ ඉදිකිරිම් ආරම්භකරන ලදි.

572 බළසේනාවේ බළසේනාධිපති කර්නල් ප්‍රියන්ත දසනායක විසින් මෙම නිවස විවෘතකර ජෙදීපන් නිලවර්ෂි මෙනවිය වෙත භාරදුන් අතර, නිවසේ ඉදිකිරිම් කටයුතු සඳහා රු: 485000.00ක මුදලක් වැයකරන ලදි.

මෙම අවස්ථාව සඳහා 572 බළසේනාවේ බළසේනාධිපති කර්නල් ප්‍රියන්ත දසනායක සහ 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිළධාරි ඇතුළු අනෙකුත් නිළධාරින් සහ සෙසුනිළයින් සහභාගිවන ලදි.