Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

08th January 2021 09:19:50 Hours

57 සේනාංකයේ සේනාංකාධිපති 6 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු භඨපිරිස් හට නායකත්වය පිලිබඳ පුහුනු වැඩමුළුවක් පවත්වයි

6 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ බළඇණි පුහුනු පඨමාලාවට සමගාමිව 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජිව සෙනරත් යාපා විසින් 2020 දෙසැම්බර් මස 08 වන දින නායකත්ව හා අභිප්‍රේරණ වැඩමුළුවක් පවත්වන ලදි. අම්පකාමම් බළඇණි පුහුනු පාසලේ දි පැවැත් වු මෙම වැඩමුළුව සෙබළුන්ගේ විනය සහ ඔවුන්ගේ ආකල්ප වර්ධනය කිරිමට අවශ්‍ය නවෝත්පාදන ප්‍රවේශයන් හදුන්වාදීම තුලින් සංවිධානයේ ක්‍රියාකාරි කාර්යක්‍ෂමතාවය වැඩි දියුණු කිරිමේ අරමුණින් මෙම වැඩමුළුව පවත්වන ලදි.

සෙබළුන්ගේ ශිල්පීය ක්‍රම සහ චින්තන හැකියාව ඉහල නැංවීමේ ක්‍රමවේදයන් පිලිබඳ වැඩමුළුවේදි ගැඔුරින් සාකචිජා කරන ලදි. මෙම වැඩමුළුව සදහා බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ඇතුලු සියලුම නිළධාරින් සහ බලඇණියේ අනෙකුත් නිළයින් සහභාගි වුහ.