Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th April 2018 13:38:25 Hours

57 සේනාංකයේ සංවිධානයෙ පවත්වන ලැබු සිංහල හා හින්දු අළුත් අවුරුදු බක්මහ උළෙල

2018 සිංහල හා හින්දු අළුත් අවුරුද්ද තේමා කරගනිමින් හා ජාතින් අතර සුහදත්වය වර්ධනය කිරිමේ අරමුණින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධීක්ෂණය මත බක්මහ උළෙල 2018.04.11 වන දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගණයේදි පවත්වන ලදි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් පොල්තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කරන ලදි.

මෙම බක්මහ උළෙලේ ගැමි අසිරිය පිළිඹිබු කෙරෙන අංගයන් පෙරදැරි කරගනිමින් අවුරදු චාරිත්‍රයන්ට මුල්තැන දෙමින් අවුරුදු ක්‍රිඩා හා විශේෂාංග රාශියකින් සමන්විත බක්මහ උළෙලේ අංගයන් ලෙස ගම හරහා දිවීම,පාපැදි ධාවනය, කොට්ටා පොර තරගය, ග්‍රිස්ගස නැගිම ,කනාමුට්ටිය බිදිම, කඹ ඇදිම, බිත්තර ඇල්ලිම, තරගෙට පොල් ගෑම, බනිස් කෑම, සංගිත පුටු තරගය, වැනි ගැමි ක්‍රිඩා රාශියකින් සමන්විතවු අතර,අවුරුදු උත්සවය අවසානයේ එදින පැවති ආශා සහ උතුරු සුලග සංගිත කණ්ඩායම් විසින් පැවැත්වු සංගිත ප්‍රසංගයේදි එහි පැමිණි දමිළ සංගිතලෝලින් විශාල පිරිසක් විනෝදයට පත්වු අතර, එම අවස්ථාව විචිත්‍රවත් කරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නර්ථන කණඩායම සහ මාතලේ සිට පැමිණි ෂයින්ස් කාන්තා නර්ථන කණඩායම් විසින් විචිත්‍රවත් නර්ථනයන් ඉදිරිපත් කරන ලදි.

අවුරුදු උත්සවයේ අවුරුදු කුමරියන් තේරිමේ තරගයට දමිළ තරුණියන් 40 ක් පමණ සහභාගිවු අතර, මෙහිදි ජයග්‍රහක/ජයග්‍රහයිකාවන් වෙත ත්‍යාග ප්‍රධානය කිරිම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් ආරාධිත අමුත්තන්ද සහභාගිවන ලදි.

උත්සව අවස්ථාව සඳහා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, 57 වන සේනාංකයේ සේනාංකාධිපති,බළසේනාධිපතිවරුන්,සිවිල් ආයතනයන්හි රාජ්‍ය නිළධාරින්, ඒකක අණදෙන නිළධාරිවරුන් සහ කිලිනොච්චි බළප්‍රෙදේශයේ රාජකාරි නියුතු භඨපිරිස් හා සිවිල් වැසියන් 1000 ක් පමණ මෙම අවස්ථාව සඳහා සහභාගිවන ලදි.