Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th October 2020 11:08:40 Hours

57 සේනාංකයෙහි ගෙවතුවගාව සහ නඩත්තුව පිළිබද පුහුණු සැසියක් පවත්වයි

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජිව සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියුගේ උපදෙස් පරිදි ගෙවතු ආරක්‍ෂාව සහ නඩත්තුව ආරම්භකිරිම යන මාතෟකාව යටතේ දේශනයක් 57 සේනාංක මුලස්ථානයේදි 2020 සැප්තැම්බර් මස 23 වන දින පවත්වන ලදි. මෙම දේශනය ප්දේශිය කෟෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්‍ෂක කිළිනොචිචි ආචාර්ය එස්ජේ අරසකේශරි විසින් පවත්වන ලදි. ගෙවතු වගාව පිළිබද දැනුම වැඩි දියුණු කිරිම සහ එහි වැදගත්කම, ගෙවතු වගාව ආරම්භ කිරිම, නඩත්තු කිරිම, ගෙවතු වගාව සම්බන්ද පැන නගින ගැටලු සහ නිළධාරින්ගේ සහ සෙබළුන්ගේ ගැටලු මග හරවා ගැනිමේ අරමුනින් බදාදා පුහුණු වැඩසටහනට අනුව මෙම දේශනය සංවිධානය කරන ලදි. මෙම දේශනය සදහා සේනාංකයේ, සෙනාංකය යටතේ ඇති බළසේනාවල සහ ඒකක වල නිළධාරින් 12 ක් සහ සෙසුනිළයින් 75 ක් සහභාගි විය.