Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

13th October 2018 08:12:53 Hours

57 වන සේනාංක‍යේ භඨ පිරිස් විසින් 69 වන සංවත්සරය සහ යුධ හමුදා දිනය වෙනුවෙන් ප්ජාසත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කිරිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 57 වන සේනාංකය විසින් ඔක්තෝබර් මස 10 වන දිනට යෙදි ඇති යුධ හමුදා 69 වන සංවත්රය සහ යුධ හමුදා දිනයට සමගාමිව 2018.10.07 වන දින 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ සහභාගිත්වයෙන් භාරතිපුරම් බැප්ටිස් ක්‍රිස්තියානි දේවස්ථානයතුලදි බළසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිළධාරින්, සෙසු නිළයින් සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව සමග එක්ව දේව මෙහෙයක් පවත්වන ලදි.

තවද 574 වන බළසේනාව යටතේ රාජකාරි නියුතු 3 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් මාන්කුලම් ගණපති කෝවිල තුලදි සිවිල් වැසියන් හා එක්ව කෝවිල් පුජාවක් පැවැත්විම සහ මාන්කුලම් යහපත් එඩෙරාගේ ලමා නිවස්නයේ දරු දැරියන් උදෙසා සංගිත රසාස්වාදය ලබාදිම හා සියළු දෙනා වෙත දිවා ආහාරය ලබාදිම මෙහිදි සිදුකරන ලදි.