Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

25th August 2020 15:20:10 Hours

57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 7 වන ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකයේ සංචාරයක නිරත වෙයි

57 වන සේනාංකයේ මේජර් ජෙනරාල් ඩීජීඑස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී. ආර්එස්පී. එන්ඩීසී විසින් 7 වන ශ්‍රි ලංකා පාබල හමුදා මූලස්ථානයේ 2020 අගෝස්තු මස 13 වන දින සංචාරයක නිරත වන ලදී. 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන් විසින් තම ඒකකය වෙත ඇති රාජකාරීන් පිලිබදව පැහැදිලි කිරිමක් සිදු කරන ලදී. එහිදී සේනාංකාධිපතිතුමන් විසින් භට පිරිස් ඇමතීමෙන් අනතුරුව රුක් රෝපණයක්ද සිදු කරන ලදී. මෙම අවස්ථාව සදහා 571 සහ 572 වන බලසේනාධිපතිවරුන්, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ කර්නල් පාලන භකාස නිලධාරීන් සහභාගී වන ලදී.