Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

19th July 2020 10:18:46 Hours

57 වන සේනාංකයේ සේනාංකාධිපති බළසේනා සහ බළඇණි වෙත සිය නිළ සංචාරය සිදුකරන ලදි

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ‌ජෙනරල් ඩීජීඒස් සෙනරත්යාපා ආර්ඩබිලිවිපී ආර්ඒස්පී ඒන්ඩීයූ විසින් සේනාංකාධිපති ලෙස වැඩ භාරගැනිමෙන් පසු 2020 ජුනි මස 03 සි‌ට ජුනි මස 07 දක්වා බළ ප්‍රදේශයෙහි පිහිටි බළසේනා සහ බළඇණි වෙත සිය පලමු නිළ සංචාරය සිදු කලේය.

මෙහිදි බළසේනාධිපතිවරැන් සහ අණදෙන නිළධාරින් විසින් ප්‍රදේශයේ ආරක්‍ෂක තත්වය පිලිබද සේනාංකාධිපතිතුමා හට සවිස්ථරාත්මකව පැහැදිලි කල අතර, අණදෙන නිලධාරින් විසින් මුර සංචාර මගින් සිදු කරණ කාර්යය විස්තර කලේය. විවිධ තත්වයන් සමග කටයුතු කිරීමට අවශ්‍ය සංනිවෙිදනය සහ කළමනාකරණ කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි සේනාංකාධිපතිතුමාගේ අවධානයට යොමුවිය. සීග්‍රයෙන් වෙනස්වන පරිසරයක් තුළ තත්වයන් හැසිරවීමෙි හැකියාව ඇති දක්‍ෂ හා පලපුරැදු සොල්දාදුවන් බිහිකිරිම මෙම සංචාරයේ අරමුණ විය.