Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd April 2019 11:07:54 Hours

57 වන සේනාංකයේ සේනාංකාධිපති ධුරයෙන් සමුගනී.

57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සේනාංකාධිපති සිය ධූරයෙන් නික්ම ගිය අතර, ඒ සදහා සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙලපාලියක් එම සේනාංක පරිශ්‍රයේ 2019 මාර්තු මස 28 වන දින පවත්වන ලදි.

ඒ අනුව 57 වන සේනාංකය යටතේ පාලනය වන 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් යුධ හමුදා සම්ප්‍රදානුකුලව සේනාංකාධිපති හට සම්මාන මුරයක් සහ ආචාර පෙළපාලියක් පිරිනැමූ අතර, අනතුරුව සේනාංකාධිපතිතුමන් සියළු නිළයින් සමග තේ පැන් සංග්‍රහයකට සහභාගී වුහ.

මෙම අවස්ථාව සදහා බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි වන ලදි.