Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd February 2018 09:48:16 Hours

57 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් සේනංකාධිපති නිළ රාජකාරි නිමාවෙන් පසු තනතුරෙන් නික්මයාම

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොචිචි යටතේ පාලනය වන 57 වන සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් එච් ජේ එස් ගුණවර්ධන ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමාන් සේනාංකාධිපති තනතුරින් නික්මයාමේ නිළ උත්සවය 2018 ජනවාරි මස 30 වන දින 57 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයෙදි පැවැත්විනි.

මෙම අවස්ථාවට 57 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයට සපමිණි මේජර් ජෙනරාල් එච් ජේ එස් ගුණවර්ධන ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමාන් තුමන් 57 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි කර්නල් ජි පි කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් උණුසුම් අයුරින් පිලිගත් අතර, අනතුරුව 57 වන සේනාංකයේ භඨ පිරිස් විසින් යුධ හමුදා සම්ප්‍රදාණුකුලව කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබිය. සම්මාන ආචාර පෙළපාලියෙන් අනතුරුව තනතුරෙන් නික්මයන සේනාංකාධීපති තුමන් විසින් සිය සමුගැනිමේ දේශණයේදි සේනාංකයේ සේනාංකාධීපති වශයෙන් රාජකාරි කාල සිමාවේදි භඨ පිරිස් විසින් ලබාදුන් සහයෝලය ඇගයිය.

උත්සවය නිමිතිකොටගෙන එදිනම සවස 57 වන සේනාංක නිළධාරි නිවස්නයේහි රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කල අතර,එම උත්සවය අවසානයේදි 57 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නිළධාරින් විසින් වටිනා සිහිවටනයක් නික්මයන මේජර් ජෙනරාල් එච් ජෙ එස් ගුණවර්ධන ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමා හට ප්‍රධානය කරන ලදි.

මෙම උත්සවය සදහා 57 වන සේනාංකයේ සියලුම බළසේනාංකාධිපතිවරු, හා ඒකකයන්හි අණදෙන නිළධාරිවරුන්, සේනාංකයේ මාණ්ඩලික නිළධාරින්, නිළධාරින් සභාගිවන ලදි.